අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විරෝධතාව මෙහෙයවූ සිරකරුවන් අට දෙනෙක් වෙනත් බන්ධනාගාරවලට මාරු කර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත්කරන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූණා. ඒ පි්ළිබඳ සිදුකළ පරික්ෂණයේදී සිරකරුවන් අට දෙනෙකු වරද පිළිගෙන ඔවුන්ව වෙනත් බන්ධනාගාරවලට මාරු කරන ලෙස කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගත් බවයි බන්ධානාගාර පාලන අධිකාරිය සඳහන් කළේ. එම සිරකරුවන් කළුතර, කුරුවිට, ගාල්ල, මාතර සහ මොණරාගල බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බව අප වාර්තාකරු ප්රකාශ කළා.
Post a Comment