චීනයේ ඉදිකළ කිලෝමීටර් 55 කි දිගින් යුත් ලොව දිගම මුහුදු පාලම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
චීනයේ ෂූහායි නගරයේ පැවති උත්සවයකින් අනතුරුවයි පාලම විවෘත කෙරුණේ. හොංකොං සිට චීනය දක්වා මෙය ඉදිකර තිබෙනවා. මෙහි ගමනාන්තය දක්වා පැමිණීමට පැය තුනයි විනාඩි 30ක් පමණ කෙටි කාලයක් ගතවනු ඇති. මීට වසර 9කට පෙර මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. 2016 වසරේ දී පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබුණද විවිධ දූෂ්කරතා හේතුවෙන් එය ප්‍රමාද වුණා.පාලම සදහා වැය කළ මුදල් ඇමෙරිකා ඩොලර් බිලියන 20ක්. මෙම දැවැන්ත පාලම සදහා වානේ ටොන් හාර ලක්ෂයක් යොදාගත් බව සදහන්. සාගර අභ්‍යන්තරයේ ඉදිකෙරුණු උමගක් ද සහිතවයි පාලමේ ඉදිකිරීම් සිදු කර ඇත්තේ. එම මුහුදු උමග මතින් නෞකා ගමනාගමනයට ඉඩ සලසනු ඇති.
Post a Comment