කොළඹ අවට පොදු ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකෙරෙනවා.ඒ සඳහා දුම්රිය මාර්ග හතක් හදුනාගෙන ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා ප්‍රකාශ කළා.
එක් සැහැල්ලු දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව සහ බම්බලපිටිය හරහා කිරුළපන දක්වා ඉදිකෙරෙනවා. කැලණිය, දෙමටගොඩ, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව දක්වා ඉදිකෙරෙන්නේ හරිත දුම්රිය මාර්ගයකි. නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය, ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව දක්වා ඉදිකිරිම සැලැසුම වී තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සියල්ලම සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය මඟින් ආවරණය වන බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ.
Post a Comment