එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මුදල් අමාත්‍යංශය ක්ෂණික දුරකථන අංකයක් ලබා දුන්නා.
1925 මඟින් ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ තොරතුරු මෙන්ම පැමිණිලි ද යොමු කළ හැකි බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ. මේ වන විටත් ණය නිකුත් කෙරෙන රාජ්‍ය බැංකු සංඛ්‍යාව තුනක්. පෞද්ගලික බැංකු ද එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙලට එක්ව සිටිනවා. සමස්ථ බැංකු 18කින් ණය නිකුත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ලැබෙන පැමිණිලි සහ තොරතුරු සම්බන්ධයෙක් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට ද මුදල් අමාත්‍යංශය සූදානම් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළේ වසරක් තුළ තරුණ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරිමේ අරමුණින්.
Post a Comment