Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ බටහිර වෙරළ තීරයට අනතුරු ඇඟවීමක්  

Add comments

දරුණු සුළි කුණාටු අවධානමක් හේතුවෙන් මෙක්සිකෝවේ බටහිර වෙරළ තීරයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ඉදිරි පැය කිහිපයේදි විල්ලා සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු විය හැකි බවට දැනුම් දෙමින්. මෙය තර්ජනාත්මක සුළි කුණාටුවක් ලෙසටයි ඇමරිකා සුළි කුණාටු මධ්‍යස්ථානය හඳුන්වා දී තිබෙන්නේ. මේ වන විට තුන් වන කාණ්ඩයේ කුණාටුවක් ලෙස වර්ධනය වන විල්ලා සුලි කුණාටුව හේතුවෙන් ධාරාණිපාත වැසි සහ පැයට කිලෝ මීටර 195ක වේඟයකින් සුළං හමා යන බවත් මෙක්සිකෝ වාර්තා සඳහන් කළා. මෙක්සිකෝ බටහිර වෙරළ තීරයෙන් ජනතාව ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG