බ්‍රිතාන්‍ය කාන්තාවන්ට එරට හමුදාවේ ඕනෑම කාර්යයක් සදහා අයදුම් කිරිමට පළමුවරට අවස්ථාව හිමිව තිබෙනවා. විශේෂ ගුවන් සේවය සහ හමුදා ඒකක ඇතුලු සටන් පෙරමුණේ සියලුම කාර්යයන් කාන්තාවන්ට විවෘත බවයි බ්‍රිතාන්‍යය ආරක්ෂක ලේකම් ගැවින් විලියම්සන් ප්‍රකාශ කළේ. ස්ත්‍රී පුරුෂ භාවය නොව හැකියාව පමණක් සැලකිල්ලට ගෙන පලමුවරට හමුදාවට බදවා ගැනීමේ තීන්දුව ගෙන ඇති බව ද ඔහු සදහන් කළා.
Post a Comment