ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 9 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එහිදී අධි චෝදනා 47 න් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාර දෙනු ලැබුවා.
අධි චෝදනා 47 ක් යටතේ ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.
රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මුදල් අවස්ථා හතකදී ලබා ගෙන ඇති බවත් මෙම නඩුව ලේඛන ගත සාක්ෂි මත පදනම් වන බව රජයේ නීතිඥවරයා විසින් මීට පෙර අධිකරණයට දැන්වනු ලැබුවා.
විත්තිකරුවන් මෙම වරද 2012 සහ 2014 අතර කාලය තුළ සිදුකර ඇති බවත් අල්ලස් පනතේ 17, 19, 21 සහ 25 වගන්ති යටතේ වරදවල් සිදුකර ඇති බවට මෙම අධි චෝදනා මගින් අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා චෝදනා කර සිටියි.
Post a Comment