Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා රාජ්‍ය ලේකම් නැවතත් උතුරු කොරියාවේ සංචාරයක  

Add comments

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නැවතත් උතුරු කොරියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

මෙම සංචාරය සති අන්තයේ දී සිදුවනු ඇති බවයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා සදහා ඔහු මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වනවා. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් නැවත සාකච්ඡා ආරම්භ කිරීම මෙහි තවත් එක් අරමුණක් බවද සදහන්. එම සංචාරයෙන් අනතුරුව මයික් පොම්පියෝ ජපානය , දකුණු කොරියාව සහ චීනයේ ද සංචාරය කරනු ඇති. උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දෙවන වටයේ සාකච්ඡා සදහා පසුබිම් සැකසෙන අවස්ථාවකයි රාජ්‍ය ලේකම්වරයා මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG