ව්‍යාජ අත්සන් යොදා ගුරු සහායක පත්වීම් ලබා ගැනිම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
වයඹ ප්‍රධාන ලේකම් එම් ඒ ඩී විජිත බණ්ඩාරනායක මහතායි පැමිණිල්ල සිදුකර තිබෙන්නේ. පුත්තලම සහ නිකවැරටිය අධ්‍යාපන කලාපවල පාසල් කිහිපයක් සඳහා තම අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් පත්වීම් සිදුකර ඇති බවයි ප්‍රධාන ලේකම්වරයා පැමිණිලි කර ඇත්තේ. ආණමඩුව ප්‍රදේශයේ ප්‍රධාන පාසලකට පැමිණි කාන්තාවක් තමන් ගුරු සහායිකාවක් ලෙස පත්කර ඇති බවට සඳහන් ලිපියක් විදුහල්පතිවරයාට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇති වූ සැකයක් මත විදුහල්පතිවරයා ප්‍රධාන ලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. පල්ලම අධ්‍යාපන කලාපයේ ව්‍යාජ ලිපි සකස් කර ගනිමින් පුද්ගලයන් දෙදෙනෙක් ගුරු සහායකයින් ලෙස සේවයට වාර්තා කර ඇති බවයි පරික්ෂණවලදී හෙළි වුණේ.
Post a Comment