Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට දින තීන්දු කරයි  

Add comments

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති තවත් නඩුවක් විභාගයට කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරණය දින නියම කළා. ඒ අනුව ලබන දෙසැම්බර් මස 14 වනදා සිට නඩුව විභාගයට ගැනීමටයි නියමිත. පසුගිය රජය සමයේදී සතොස ආයතනයට අයත් සේවකයන් 153 දෙනෙකු දේශපාලන කටයුතු සදහා යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදුකිරිමයි ඔහුට එරෙහි චෝදනාව. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරු නඩු විභාගය පැවැත්වෙන දිනයේත් රක්ෂිත බන්ධනාගාරයේ සිටීනම් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG