
පිදුරංගල සිද්ධියට සම්බන්ධ තරුණයන් තුන් දෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළා. පිදුරංගල පර්වතයේ සිට අඩ නිරුවත්ව ඡායාරූප ලබාගෙන ඒවා සමාජ ජාල මාධ්‍යය වෙත මුදාහැරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව. පිදුරංගල රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ දැනුම්දීම මත පොලීසිය එම තරුණයන් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
Post a Comment