Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව දිගම මුහුදු පාලම චීනයෙන්  

Add comments

ලොව දිගම මුහුදු පාලම අනිද්දා විවෘත කරන බව චීනය ප‍්‍රකාශ කළා. දකුණු චීන මුහුදේ පර්ල් ගංඟාවේ නැගෙනහිර සහ බටහිර යා කෙරෙන එහි දිග කිලෝ මීටර් 55ක්. මංතීරු තුන බැගින් වන ද්විත්ව මාර්ගයකින් යුත් මෙම පාලම කිලෝ මීටර් 6.7ක මුහුදු අභ්‍යන්තර උමඟකින් ද සමන්විත වනවා. එම උමඟ මීටර් 47ක් පමණ ගැඹුරට විහිදී ඇති බවයි වාර්තා වන්නේ.

හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චීනයේ සුහායි නගරය දක්වා ගමන් කිරිමට ගතවන පැය හතරක කාලය විනාඩි 45ක් දක්වා අඩු කිරිමට මෙම මුහුදු පාලම මඟින් හැකිවන බලයි බලධාරින් පෙන්වා දෙන්නේ. 2003 වසරේ ඉදිකිරිම් ආරම්භ කළ ලොව දිගම මුහුදු පාලම වෙනුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 17කට වැඩි මුදලක් වැයකර තිබෙනවා. දිනකට වාහන විසි නව දහසක් පමණ මෙම මුහුදු පාලම භාවිත කරනු ඇති බවයි වාර්තා වන්නේ. පැය 24 පුරා ක‍්‍රියාත්මක බස් සේවාවක් ද මේ ඔස්සේ ආරම්භ කරන බව චීන බලධාරින් සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG