මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය දක්වමින් දේශපාලන පක්ෂ රැසක් එතුමා සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී ආර්මුගන් තොන්ඩමන් මහතා යටතේ පවතින ලංකා කම්කරු කොංග්රසය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය දැක්වීමට දැනටමත් තීරණය කර ඇති බවයි එම පක්ෂ ආරංචිමාර්ග සදහන් කරන්නේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ පී ඩී පී පක්ෂය ද මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළකරනවා. තවත් දේශපාලන පක්ෂ කිහිපයක් තමන්ගේ සහාය පළකිරීම පිළිබද මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ.
Post a Comment