දමන වෙහෙරගල ප්‍රදේශයේ ගොවිතැන් කරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකුට අකුණු සැර වැදී තිබෙනවා.
පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊට ඇතුලත්. තොට්ටම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි වෙහෙරගල පොලීසිය සඳහන් කළේ. අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක පමණ තද වැසි ඇතිවිය හැකියි. අකුණු අනතුරු ගැන විශේෂ අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Post a Comment