පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේ දී පරස්පර ලකුණු ඉදිරිපත් කළ සහ ප්‍රදර්ශනය කළ බව කියන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු සොයා බලන්නැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
2019 වසරේ පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීම් සම්බන්ධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. මේ පිළිබද අවධානය යොමු කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වහා පරික්ෂණයක් සිදු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. තොරතුරු දැන ගැනීමේ පනත පවා බලාත්මක කර ඇති අවස්ථාවක මෙසේ සිතාමතා හෝ වගකීම් විරහිත ලෙස පරස්පර ලකුණු ඉදිරිපත් වීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Post a Comment