ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු එරට ප්‍රසිද්ධ පුද්ගලයන් වෙත තැපෑලෙන් බෝම්බ යැවූ සැකකරු ෆ්ලොරීඩාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීසර් සයොක් නමැති මෙම සැකකරුගේ වයස අවුරුදු 56 ක්. බැරැක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන්ට අමතරව ඩිමොක්රටික් පක්ෂයට මූල්‍යාධාර සපයන්නන් වෙත ද මෙම සැකකරු තැපැල් බෝම්බ යොමුකර තිබුණා. මොහු ට්‍රම්ප් විරෝධීන් ද ඉලක්ක කර ගනිමින් බෝම්බ යවා තිබීම විශේෂත්වයක්. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පුද්ගලයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළා.
Post a Comment