
නාගරික සංවර්ධන අධිකාරියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ විද්වත් කථිකාව ජනාධිපති මෛත්‍රීපාලි සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවර මූල්‍ය පරිපාලනයක් පවත්වාගනිමින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත් වී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ 40 වසරක අතීතය වර්ථමානය හා ඉදිරිමග තේමාව යටතේයි මෙම වෘත්තික සංවාද කථිකාව සංවිධාන කර තිබුණේ.
සම්මානිත මහාචාර්යවරුන් වන විලී මෙන්ඩිස් , ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා, යන මහත්වරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙම කථිකාවට සහභාගී වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ථ සේවක මණ්ඩලය වෙනුවෙන් එම අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙතද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙතද මෙහිදී විශේෂ උපහාර තිලිණයක් පිළිගැන්වීම සිදු වුණා. නාගර සංවර්ධන අධිකායේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමේධ රත්නායක, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
Post a Comment