Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභියෝග රැසක් මැද ආර්ථික වර්ධන වේගයක්  

Add comments

අභියෝග රැසක් හමුවේ සියයට හතරක ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි බව මහබැංකු අධිපති  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.  ඒ ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සමුළුව අමතමින්.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මහබැංකු අධිපති  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණා. ඒෂියා සිකියුරිටිස් ආයතනයයි මෙය සංවිධාන කළේ. මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

“වර්තමානයේ ඩොලරයේ අගය ඉහළ යාමත් එක්ක අපේ රටේ දේශිය නිෂ්පාදනවලට දැන් හොද ඉල්ලුමක් ලැබිල තියෙනවා. දැනට අපේ රටේ ආර්ථිකයේ අර්බුදයක් නැහැ. අභියෝග රැසක් හමුවේ සියයට හතරක ආර්ථික වර්ධනයක් අපිට දකින්න පුළුවන්. බංග්ලාදේශය හා ඉන්දියාවේ ඉන්ධන මිලත් එක්ක බලද්දී අපේ රටේ ඉන්ධන මිල පහළ මට්ටක පවතින්නේ. අපනයන ක්ෂේත්‍රයේත් වර්ධනයක් දකින්න පුළුවන්.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG