Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සම්බා සහ නාඩු සහල් මිල අඩු කෙරේ  

Add comments

සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයන් එකගවුණා.  ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක දී  තීරණයට එළඹ තිබෙනවා. පසුගිය කාලයේ වෙළෙදපොළහි සහල්මිල ඉහළ යාමක් දක්නට ලැබුණා. ඒ පිළිබදව අවධානය යොමු කර තීරණය ගෙන තිබෙනවා.

ඩබ්ලිව් එච් දුමින්ද ප්‍රියදර්ශන – ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ නිලධාරී – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය,

සෑම වසරකම සහල්මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා. පසුගිය වර්ෂ ගණනාවක් පුරා මෙම කාලසීමාවේ සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාව  පැවතුනේ මේ අයුරින්. එම සහල් මිල ජනතාවට බරක් නොවන ලෙස පහළ දැමීමට වත්මන් රජය මැදිහත්ව කටයුතු කළා. ඒ අනුව මෙවර ද මහා පරිමාණ සහල් වෙලෙදුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළා. ඔවුන් පැවසුවේ සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 108ක උපරිම මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 88කටත් ලබා දෙන බවයි. මෙම මිල අඩුවීම අනෙකුත් සහල් වර්ග වලට ද බලපාන බවයි  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ  ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී  දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ.

ඩබ්ලිව් එච් දුමින්ද ප්‍රියදර්ශන – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය,

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG