
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ සහ එංගලන්තයේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියා.
අග්‍රාමාත්‍යවරයා පළමුව නිල සංචාරයෙහි නිරත වන්නේ නෝර්වේ රාජ්‍යයේයි. එරට අගමැතිනිය, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනිය සහ එරට විදේශ අමාත්‍යවරිය ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතාන යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. නෝර්වේ සංචාරයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
Post a Comment