පාකිස්ථානයේ ත්‍රස්ත අවදානම සිරියාවේ මෙන් තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් ඉදිරිපත් කළ ගෝලීය ත්‍රස්ත තර්ජන දර්ශකයට අනුවයි පාකිස්ථානයේ ත්‍රස්ත අවදානම ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇත්තේ. එම අධ්‍යනය සදහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වූ ත්‍රස්ත ප්‍රහාර රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ආරක්ෂාවට වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඇෆ්ගන් තලෙයිබාන් සංවිධනය හා ලෂ්කර් ඊ ටයිබා වැනි කණ්ඩායම් මගින් බවයි වාර්තා වන්නේ. අනාගත ලෝකයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු පියවර පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණෙන් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
Post a Comment