
ජාතික වප් මඟුල් උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.
තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළා.
චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment