පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. ඒ ලබන 08 වනදා දක්වා.
මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාලවයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ.
මේ අතර හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චිට ලබන 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වුණේ 2008 , 2009 කාලයේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්.
Post a Comment