වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහලයාමයි ඊට හේතුව. ජලාශය අවට පදිංචිකරුවන්ට අවධානයෙන් කටයුතු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
වර්ග කිලෝමීටර් 1869ක වපසරියක ව්‍යාප්ත වී ඇති වික්ටෝරියා ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝනමීටර් මිලියන 723කි.
මේ වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. මාතලේ , මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්රික්යන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.
Post a Comment