සංවිධානාත්මක අපරාධකරුවෙකු හා සම්බන්ධ මේජර්වරයෙකු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා.
පදවි පරාක්රමපුර යුද හමුදා කඳවුරේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාන්ඩුව පොලීසිය සිදු කළ වැටලීමකින්. 40 හැවිරිදි යුද හමුදා මේජර්වරයා කුලියාපිටිය ප්රදේශයේ පදිංචි කරුවෙක්. 29 හැවිරිදි ලාන්ස් කෝප්රල්වරයෙක් ද එම පිරිසට ඇතුලත්.
පදවි පරාක්රමපුර යුද හමුදා කඳවුරේ සේවය කළ 20 හැවිරිදි සෙබලෙකු ද අත්අඩංගුවට ගත් අය අතර වන බවයි පොලීසිය සඳහන් කළේ. මේජර්වරයා රැඳී සිටි යුද හමුදා නිවස්නය පිටුපස කැලෑබද ප්රදේශයක තිබී පතොරම් පෙට්ටි 4 ක් ද සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් පිලිබඳ තොරතුරු හෙලි වුනේ හික්කඩුවේ ලද්දු රොෂාන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී.
සියඹලාන්ඩුව ප්රදේශයේදී ජීව පතොරම් 2990 ක් සමග ලද්දු රොෂාන් පසුගියදා අත්අඩංගුවට ගැණුනා. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන දැනට ගාල්ල බන්ධනාගාරයේ සිටින ජයලත් සුද්දා යන අයගේ කොන්ත්රාත්තුවක් මත මෙම පතොරම් රැගෙන යමින් සිටි බවයි විමර්ෂණවලින් හෙළි වුණේ. ඒ පිලිබඳ සිදුකළ වැඩිදුර විමර්ෂණවලින් පසු මේජර්වරයා ඇතුලු තුන්දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
Post a Comment