
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් අද (03) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණියා. ඒ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කැඳවීමකට අනුවයි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරීම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කළ අනාවරණය පිළිබඳව වහාම පරීක්ෂණයක් ඉල්ලා ජුනි මස (29) වැනි දින මෙම ජාතික ව්‍යාපාරය FCID වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට භාරදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතටයි.
Post a Comment