ලබන මාසයේ දි රට පුරා එල් ඊ ඩී බල්බ දස ලක්ෂයක් බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රකාශ කළා. මාසික විදුලි පරිභෝජනය ඒකක අනූවකට වඩා අඩු තෝරාගත් නිවාස සඳහා එල් ඊ ඩී බල්බ ලබා දෙන බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් රංජිත් සේපාල මහතා සඳහන් කළේ. මෙගාවොට් 300 ක විදුලිබල ඉල්ලුමක් අඩුකර ගැනීම අපේක්ෂාව බවයි රංජිත් සේපාල මහතා ප්‍රකාශ කළේ. වැඩිම විදුලි ඉල්ලුමක් ඇති කාලය තුළ එය අඩුකර ගැනීමේ ආර්ථික වාසි රැසක් සැලසෙන බවයි ඔහු පෙන්වා දුන්නෙ.
Post a Comment