Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලැව් ගින්න දරුණු වෙයි; පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව් ගින්නෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලැව්ගින්න කැලිෆෝනියා  ප්‍රාන්තයේ ප්‍රදේශ දෙකක් හරහා පැතිර යනවා. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා. එක් ලැව්ගින්නක් පැතිර යන්නේ මලිබු සංචාරක නිකේතන ප්‍රදේශ හරහායි. ආරක්ෂිත ස්ථානකරා යාමට උත්සාහ කළ පුද්ගලයින් කිහිප දෙනෙක් ලැව්ගින්නට ගොදුරු වූ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවල පවතින අධික සුළං හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බව එරට ගිනි නිවීමේ අංශ සදහන් කරනවා. මේ වනවිට අක්කර විසිදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගිනි නිවිමේ  කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG