Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා ලැව්ගිනි තත්ත්වයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තය පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම ප්‍රාන්තය පුරා සිටින දහස් සංඛ්‍යාත පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත්වීමට අනතුරු ඇඟවූවා. එම ප්‍රාන්තය පුරා ලැව්ගිනි 130 කට අධික සංඛ්‍යාවක් හටගෙන ඇති බවද වාර්තා වනවා. ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ලැව්ගිනි තත්ත්වය මෙය බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් සදහන් කරන්නේ. අධික සුළං සහ වියළි කාලගුණ තත්ත්වය ලැව්ගිනි ඉක්මනින් පැතිරීයාමට හේතුවී තිබෙනවා. ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් තිහකට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවද සදහන්. මේ වනවිටත් නිවාස සහ දේපල රැසක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG