Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරගහකන්ද ජලාශය දෙවන වරටත් වාන් මට්ටමට ජලයෙන් පිරෙයි  

Add comments

මෙරට විෂ්මිත වාරි ව්‍යාපෘතියක් වන මොරගහකන්ද ජලාශය දෙවන වරටත් වාන් මට්ටමට ජලය පිරී තිබෙනවා.  ඒ අනුව මේ වනවිට මොරගහකන්ද ජලාශයෙන් පෝෂණය වන වැව් සියල්ලම පිරී ගොස් තිබෙනවා.

මොරගහකන්ද – කළු ගග මෙරට ඉදි වූ විශාලතම ජලාශයයි.  වියළි කලාපයට අවශ්‍ය වාරි හා පානීය ජලය සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම ජලාශය ඉදිකිරීමට පෙර වර්ෂා සමයේ ජලය මනම්පිටිය, සෝමාවතිය ආදී ප්‍රදේශ යට කරමින් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මුහුදට ගලා ගියා. නව ජලාශය ඉදිවීමත් සමග ගංවතුර පීඩාවද පහව යාම කැපී පෙනුනා. මොරගහකන්ද ජලාශයේ ජලය අක්කර අඩි හය ලක්ෂ 60 000 ක් ගබඩා කර ගත හැකියි. ඒ අනුව නියං සමයකදී පීඩාවට පත් වූ රජ රට ඇතුළු වියලි කලාපයේ ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව යල මහ දෙකන්නයට ජලය ලබා දිය හැකි වනවා. වයඹ ඇල සහ ඉහළ ඇලහැර ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේවන විටත් බොහෝ දුරට අවසන්. වකුගඩු රෝගයට ගොදුරු වූ ප්‍රදේශ රැසක ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීමත් සමග අනාගත පරපුරට මෙම අවදානමෙන් මිදීමේ හැකියාවද හිමි වනවා.

පී.ජී.දයානන්ද – සම්බන්ධිකරණ නිලධාරී – මොරගහකන්ද – කළු ගග ව්‍යාපෘතිය,

මෙම සංවර්ධන ව්‍යාපෘතියත් සමග සංචාරක හා ධීවර කර්මාන්තයේ රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වනවා. ජලාශ නිර්මාණය කිරීමේදී නිවාස අහිමි වූ අය වෙනුවෙන් ඉදිකළ ගම්මාන 24 ක මේ වනවිට ජනතාව පදිංචි කර තිබෙනවා. සියලු පහසුකම් සහිතව මෙම ගම්මාන ඉදිකර තිබීම විශේෂත්වයක්. කළු ගඟ ජලාශයට යට වූ ලග්ගල නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල නගරය ඊට හොදම නිදසුනක් වනවා. වාර්ෂිකව රුපියල් කෝටි දස දහසක් පමණ අප වැය කරන්නේ බඩඉරිගු, කව්පි, කුරක්කන්, කිරි නිෂ්පාදන වැනි දෑ ආනයනය කිරීම සදහායි. එම ධාන්‍ය ඉදිරියේදී මෙම ප්‍රදේශවල වගා කරගැනීමේ හැකියාව හිමිවීමත් සමග විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ හැකියාවද හිමිවනවා. මේ අනුව සැළකීමේදී ද මොරගහකන්ද කළු ගග ව්‍යාපෘතියට වැය කළ  රුපියල් කෝටි 23 දහසක මුදල වසර තුනක පමණ කාලයකින් පියවා ගත හැකියි. මෙම ව්‍යාපෘතිය පිළිබද සාකච්ඡා කළ සෑම විටම දේශපාලනඥයන් ප්‍රකාශ කළේ මොරගහකන්ද, කළු ගඟ ජලාශ කිසිදා ජලයෙන් පිරවීමට අපහසු බවයි. එහෙත් පළමු වර වාන් දැමීමෙන් පසු වසරකටත් අඩු කාලයක් තුළ දෙවැනි වරටද මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ලගාවීම තුළින් ඒ සියල්ල අසත්‍ය බව තහවුරු කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG