
පසුගිය 14 වනදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ අසත්‍ය කරුණු අඩංගු බැවින් එය නිවැරදි කරන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරකවරියගෙන් ඉල්ලීමක් කරනවා. ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා.
පසුගිය 14 වනදා හඬ අනුව ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිදුවීම් හැන්සාඩ් වාර්තාවේ වැරදි ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම කතානායකවරයා ප්‍රකාශ නොකළ වගන්තියක්ද ඊට ඇතුළත් කර ඇති බවයි උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ.
පාර්ලිමේන්තුවේ කටයුතු රූපවාහිනියෙන් සජීව ලෙස විකාශය කළ විඩියෝවක් අන්තර්ජාලයෙන් ගෙන පරීක්ෂා කිරීමේදී ද එය තහවුරු වී තිබෙනවා.
එමෙන්ම සිද්ධිය වූ දිනට පසුදින ලබාගත් සංසකරණය නොකල හැන්සාඩ් පිටපතේ ද කරුණු නිවැරදිව දැක්වෙනවා.
මේ අනුව හැන්සාඩ් වාර්තාව නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Post a Comment