
පාතාල නායකයෙකුගේ නියෝගයක් මත හංවැල්ල – ඇඹුල්ගම මංසන්ධියේ වෙළදසැල් වසා දැමීමට කටයුතු කළ තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. පසුගිය 28 වනදා පාතාල නායක මාඹුලගේ හෙවත් ඌරුජුවාගේ ගෝලයෙකු ජල්තර ප‍්‍රදේශයේ දි තියුණු ආයුධ වලින් පහරදී ඝාතනයට ලක්වුණා.
ඔහුගේ අවසන් කටයුතු ඊයේ සිදු කිරිම හේතුවෙන් වෙළදසැල් වසා දමන ලෙසටයි තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු දැනුම් දි තිබෙන්නේ. අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා.
Post a Comment