Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව රජයට රාජිත එපා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්  

Add comments

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව රජයට සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලමින් දිවයින පුරා රෝහල්වල සේවකයන් අද දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිසේත් නව රජයට සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය වසර තුනක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් පොදුවේ රටේ ස්ථාවරව පවතින පද්ධතීන්ට සිදුකළ විනාශකාරී බලපෑමත් අද වන විට රටේ සමස්ත ජනතාවගේ විරෝධයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකාරකම් පිටුපස සිටින දෙස් විදෙස් බලවේග හදුනා ගැනීම සමස්ත රටේම ඉදිරි ගමනට ඉතා වැදගත් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. රාජිත සේනාරත්න මහතාට විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින සමස්ත වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ජනාධිපතිතුමාට භාරදීමට ද මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG