
තලෙයිබාන් සංවිධානයේ පියා ලෙස සැලකෙන පාකිස්තාන පුජකවරයෙකු වන මවුලානා සාමී අල් හක් ඝාතනය කර තිබෙනවා.
පාකිස්තානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි රාවල්පින්ඩි නගරයේදී ඔහුගේ මළ සිරුර හමු වී තිබෙනවා.
මවුලානා සාමී අල් හක්ගේ ඝාතනය පිහිඇණුමකින් කර ඇති බවයි පවුලේ අය සදහන් කරන්නේ.
කෙසේ නමුත් ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බවට ද වාර්තා වනවා. ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්දැයි මෙතෙක් සොයා ගෙන නැහැ.
තලෙයිබාන් සංවිධානයේ මුලා ඔමර් ද ඔහුගේ ශිෂ්‍යයෙකු වනවා.
Post a Comment