Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිගෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට දුරකථන ඇමතුමක්  

Add comments

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමා වෙත හිමි බලතල අනුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරාස් මහතා අතර පැවති දුරකතන සංවාදයකදීයි.

ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අතර දුරකතන සංවාදය ඉතා මිත්‍රශීලී අන්දමින් පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළා. එහිදී ජනාධිපතිතුමා සදහන් කළේ සංහිදියාව සහ ප්‍රතිසංධානයට අදාළ කටයුතු නව රජය යටතේ සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද සෑම මොහොතකම කැප වී සිටින බව ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත දැනුම් දුන්නා. ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ නුදුරේදීම පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් අනතුරුව පවතින සැක සංකා පහව ගොස් ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි. සෑම අවස්ථාවකම ප්‍රචණ්ඩත්වයෙන් තොරව කටයුතු කිරීම පිළිබදව මෙහිදී සතුට පළ කළ මහලේකම්වරයා ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිදියා අරමුණු වෙනුවෙන් කැපවීම පිළිබදවද සතුට පළ කළා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG