
රිය අනතුරු හතරකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරු සිදුවුණේ පොල්ගහවෙල, වත්තල, දඹගල්ල සහ වැලිගම ප‍්‍රදේශවලදී.
යතුරුපැදියක පදිකයෙකු ගැටීමෙන් පොල්ගහවෙලදී එක් අනතුරක් සිදුවුණා. මෝටර් රථයක් පදිකයෙකු ඇඟේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුවුණේ වත්තල ප‍්‍රදේශයේදීෙ
යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට ලක්වීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ දඹගල්ල ප‍්‍රදේශයේදී.
මෝටර් රථයක් සහ තී‍්‍රරෝද රථයක් ගැටීමෙන් තවත් අනතුරක් වැලිගම පොල්වතු මෝදරදී සිදුවූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Post a Comment