Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය  

Add comments

2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, 2019 වර්ෂය සඳහා වූ අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක් 2019 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මඟින් බලය ලබා දී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 970ක් ද, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 05ක් ද වශයෙන් රුපියල් බිලියන 1,735ක සමස්ත වියදමක් දැරීම පිණිස වන යෝජනාවක් (අතුරු සම්මත ගිණුම) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG