Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධ්‍යාපනයෙන් කළ යුතු දේ ඇමති විජයදාස කියයි  

Add comments

අධ්‍යාපනයෙන් කළ යුත්තේ අභියෝගවලට මුහුණ දිය හැකි පිරිසක් නිර්මාණය කිරීම බව අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. 1215 දෙනෙකු සදහා උපාධි පිරිනැමීම එහිදී සිදු කෙරුණා.

(අධ්‍යාපන කියන්නේ විශාල පරාසයක විහිදී තිබෙන දෙයක්. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. අපිට අවශ්‍ය විෂය ඉගැන්වීමට වඩා දැනුමෙන් පිරි පිරසක් නිර්මාණය කිරීමයි.  අපේ රටේ උගත් ජනතාවක් සිටිනවා. නමුත් වර්ථමාන අභියෝගවලට මුහුණ දෙන්න හැකි පිරිසක් රටට අවශ්‍යයි. එමගින් අපේ රට හරි මග ගෙන යා යුතුයි.)

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG