Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර පාසල් සිසුවා ඝාතනයේ තුන්වන සැකකරු රිමාන්ඩ්  

Add comments

මාතර දී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තුන්වන සැකකරුද ලබන තුන්වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාතර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් මගින් ඊයේ(27) අත්අඩංගුවට ගැනුනු 17 හැවිරිදි සැකකරුයි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නමැති මෙම සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිසුවා ඝාතනය කිරීම සදහා පැමිණි යතුරුපැදිය පැදවූයේ 17 හැවිරිදි මෙම සැකකරු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. මෙහි දෙවන සහ තුන්වන සැකකරුවන් පිළිබද හදුනා ගැනීමේ පෙරට්ටුවක්ද ලබන 3 වනදා පැවැත්වීමට නියමිතයි. මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී 19 හැවිරිදි පාසල් සිසුවෙකුට පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූයේ පසුගිය 24 වනදායි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG