
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 04 දෙනෙකු මියගොස් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. ඔහු තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. කුඩාවැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Post a Comment