Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් 50 ති‍්‍රරෝද රථ අවම ගාස්තුව මධ්‍යම රාතී‍්‍රයේ සිට කි‍්‍රයාත්මකයි  

Add comments

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ත‍්‍රිරෝද රථවල අවම ගාස්තුව රුපියල් 50 ක් දක්වා අඩුකිරිමට තීරණය කර තිබෙනවා.

රජය දිගින් දිගටම සිදුකරන ඉන්ධන මිල පහත දැමීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එලඹි බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

පසුගිය රජය ප‍්‍රතිපත්තියක් ලෙස සෑම මසකම 10 වනදා ඉන්ධන මිල ඉහල දැමීම සිදුකළ ද බලයට පත්වී දින 34 ක් තුළ තුන්වන වරටත් ඉන්ධන මිල පහත දැමීමට තමන්ට හැකිවූ බවයි රජය පෙන්වාදෙන්නේ. ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරමින් ජනතාවට සහනයක් ලබාදීමට ද තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේදී සාකච්ඡා කරන බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG