Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් ස්ථාන 7ක පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 16 ක මුදල් තෑගි  

Add comments

හැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන හතක පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 16 ක තෑගි මුදල් පිරිනැමුණා. පොලිස් නිලධාරීන් දිරිගැන්වීමේ වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ.

පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීම නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙය සිදු කෙරෙනවා. හැටන් පොලිස් කොට්ඨාසය තුළ ගත වූ මාස හතරේදී රථවාහන වැරදි, අපරාධ, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කර අධිකරණය වෙත ඉදිරිපත් කර අය කරගත් දඩ මුදල්වලින් කොටසකුයි මෙසේ පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG