Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙළෙඳ තීරු බදු දින 90ක කාලයකට අත්හිටුවයි  

Add comments

අලුතින් පනවන වෙළෙඳ තීරු බදු දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට ඇමෙරිකාව හා චීනය එකඟවී තිබෙනවා.

ජී විස්ස සමුළුවෙන් පසු පැවති සාකච්ඡාවකදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ චීන භාණ්ඩවලට එරෙහිව පනවා ඇති බදු තවදුරටත් ඉහළ නැංවීමට අපේක්‍ෂා නොකරන බවයි. මේ අතර චීන රජය ද නිවේදනය කර තිබුණේ තීරු බදු ඉහළ නැංවීම් පාලනය කර වෙළෙඳපොළ විවෘත කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි. ආර්ජන්ටිනාවේදී ඇමෙරිකා හා චීන නායකයින් පසුගියදා හමුවුණා. චීනයෙන් ඉදිරියේදී කෘෂිකාර්මික, බලශක්ති සහ කාර්මික නිෂ්පාදන සැලකිය යුතු සංඛ්‍යාවක් මිලදී ගැනීමට ද චීනය එකඟවී ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ. මේ වන විට ඇමෙරිකාව, ඇමෙරිකා ඩොලර් බිලියන 250 ක බදු මුදලක් චීන භාණ්ඩ වෙත පනවා තිබෙන අතර චීනය ඇමෙරිකා ඩොලර් බිලියන 110 ක බද්දක් ඇමෙරිකා භාණ්ඩ වෙත පනවා තිබෙනවා. දෙපාර්ශ්වය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකා ගොවියන්ට වැඩි යහපතක් සිදුවනු ඇති බවයි ට්‍රම්ප් සඳහන් කර තිබුණේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG