
උතුරේ ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පැවතිය ද සහන සැලසීමේ කටයුතු අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාවද තවමත් ඒ සදහා සිය දායකත්වය ලබා දෙනවා. මේ අතර අටදහසකට ආසන්න පුද්ගලයින් පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථානවල රැදී සිටිනවා.
අයහපත් කාලගුණයත් සමග උතුරු ප්‍රදේශයේ ජල ගැලීම් වලින් වැඩිම බලපෑමක් සිදුවුයේ කිලිනොච්චිය ප්‍රදේශයටයි. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමු කෙරුණා. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීමට රජය කඩිනම් පියවර ගත්තා. ජල ගැල්මෙන් පීඩාවට පත් උතුරේ ජනතාව සදහා රුපියල් කෝටි දෙකක ආධාර පිරිනැමුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ආරක්ෂිත කදවුරුවල සෞඛ්‍ය සේවා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට ද පියවර ගෙන තිබෙනවා.
උතුරු පළාත් ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරේ පීඩාවට පත් පවුල් දෙදහසක් සදහා වියළි ආහාර ඇතුළු ආධාර බෙදා දීම සිදුවුණා. සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියද එම අවස්ථාවට සහභාගී වුණා.
කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සහන කදවුරුවල ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ද කටයුතු කෙරුණා. කිළිනොච්චිය මහා විද්‍යාලයේ දී එම කටයුතු සිදු කෙරුණේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්.
මේ අතර උතුරේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. සහන කදවුරුවල සිටි පුද්ගලයින් පන්දහස් අටසිය හැත්තෑ තුන් දෙනෙකු යළි සිය නිවෙස් කරා ගොස් තිබෙනවා. නිවාස සහ ළිං පිරිසිදු කිරීමේ කටයුතු සදහා යුද හමුදාව සිය දායකත්වය ලබා දුන්නා. නාවික හමුදාව ද ඊට සහාය ලබා දෙනවා. ජංගම ප්‍රතිආශ්‍රැත යන්ත්‍ර මගින් පිරිසිදුකළ ජලය ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් ද නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මකයි. මේ වන විටත් අදාළ ප්‍රදේශවල ළිං රැසක් පිරිසිදුකර පානීය ජලය ලබා ගැනීමට හැකි තත්ත්වයට පත්කර තිබෙනවා.
Post a Comment