Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්වියන්පුර උදාගම්මානය ජනතා අයිතියට  

Add comments

රටේ ඉදිරිගමන වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  රන්වියන්පුර, උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

පුත්තලම කරුවල ගස්වැව, පහළ පුළියන්කුලම ප්‍රදේශයේ ඉදි කෙරුණු රන්වියන්පුර උදාගම්මානය නිවාස විසි එකකින් සමන්විතයි. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ දෙසිය දහතුනක්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 144 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය විසිරි නිවාස ණය ප්‍රදානය, ඇස් කණ්නාඩි ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG