
නව ක්‍රමවේදයක් යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ආකාර හතරකින් නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ලබන වසරේ ජූලි මාසය වන විට එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අපේක්ෂාවයි.
මේ යටතේ විද්‍යුත් කාඩ්පත්, ප්‍රවේශ පත් යන්ත්‍ර සහ මොබයිල් ඇප් ඔස්සේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ගෙවීමේ හැකියාව දුම්රිය මගීන්ට හිමිවනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර දුම්රිය ස්ථාන සහ සාප්පු සංකීර්ණ ආශ්‍රිතව ස්ථාපිත කිරීම මගින් පහසුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම විද්‍යුත් කාඩ්පත් මගින් ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රමවේදයේ දී එම කාඩ්පත් භාවිතයෙන් දුම්රිය ප්‍රවේශ ගාස්තුවලට අමතරව ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍ර වේශ ගාස්තු ද ගෙවීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්. නව ක්‍රමවේදය සමග පෙර පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ද ක්‍රියාත්මක වන අතර ඉදිරියේ දී එම ක්‍රමය අත්හිටුවීමට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.
Post a Comment