Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක්  

Add comments

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කෙසේවෙතත් නැගෙනහිර පළාතෙත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැක.මධ්‍යම, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG