Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය අංශවල මැදිහත්වීමෙන් බෝවන රෝග පැතිරීම පාලනය කළා  

Add comments

සෞඛ්‍ය අංශ කඩිනමින් ක්‍රියාත්මක වූ නිසා අයහපත් කාලගුණයත් සමග ඇති වූ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් බෝවන රෝග පැතිර යාම පාලනය කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් රැදී සිටින අවතැන් කදවුරු නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනතාවගේ සුවදුක් විමසා බැලීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. සෞඛ්‍ය පෝෂණ හා  දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් එක්රැස් කළ රුපියල් කෝටි 02කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ඖෂධ ඇතුළු ආධාර එම ජනතාව වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු  කෙරුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG