
ඉන්දුනීසියාවේ සුනාමි ව්‍යසනයෙන් පීඩාවට ජනතාව ගැන සොයා බලමින් එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ ප්‍රදේශ කිහිපයක සංචාරයේ නිරත වුණා.
ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව දෙසිය අසූ එක දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1016ක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඒ පිළිබද කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් සිදු කිරීමට බලධාරීන්ට හැකි වී නැහැ. තවදුරටත් පවතින සුනාමි අවධානම හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකක ජනතාවට දැනුම් දී තිබෙනවා. අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Post a Comment