Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රබල බෝම්බ පිපිරීමක්; ඊජිප්තුවේ ආරක්ෂාව තර කෙරේ  

Add comments

ඊජිප්තුවේ ගීසා පිරිමීඩ ආසන්නයේ ප‍්‍රබල බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් සංචාරයකයන් රැගත් බස් රථයක් ඊට ගොදුරුවී ඇති බවයි බීබීසි ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

පිපිරීමෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ ගණන 12 ක්. ඉන් දෙදෙනෙකුගේ තත්වය ඉතා බරපතල බවයි ඊජිප්තු වාර්තා ප‍්‍රකාශ කළේ. තුවාල ලැබූ සියලුදෙනාම වියට්නාම ජාතිකයන්. මියගිය අය අතර වියට්නාම සංචාරකයන් තුන් දෙනෙක් සහ ඊජිප්තු සංචාරක නියාමකවරයෙකු ද සිටින බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කළේ.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. එභෙත් පසුගිය කාලය පුරාම ඉස්ලාමීය අන්තවාදීන් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් ප‍්‍රහාර එල්ල කළ බවයි සිද්ධිය පිළිබද කණගාටුව පළකරමින් ඊජිප්තු අග‍්‍රාමාත්‍ය මොස්ටාෆා මැට්බෝලි ප‍්‍රකාශ කළේ. මේ වනවිට ඊජිප්තුවේ ආරක්ෂාව ද තරකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG